Friday, April 24, 2026
Follow Us
ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ නව නේවාසිකාගාරයක්

ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ  නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණු අතර එම අවස්ථාවට ආයතනයේ සභාපති සුරංග මෙන්ඩිස් මහතා,  ආයතයයේ නිලධාරීන් සහ පුහුණුලාභීහු එක් වූහ.