Saturday, July 27, 2024
Follow Us
සා පෙළ ඉංග්‍රීසි පත්‍රය වට්ස්ඇප් දැමූ ගුරු අත්අඩංගුවට

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයකින් සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් කටුගස්තොට අඹතැන්න කුඩුගල ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි උපකාරක පංති ගුරුවරයකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

 

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත්තේ රෝහණ චන්ද්‍රසිරි ප්‍රනාන්දු නැමැති අයෙකි.

ප්‍රශ්න පත්‍රය මුදාහැර තිබූ වට්ස් ඇප් සමූහයේ ඇඩ්මින් ලෙස සැකකරු කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මෙම සිදුවීමට අදාළව මහියංගණය පුහුල්යාය ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයකුගෙන් ද හසලක පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ. අදාළ වට්ස් ඇප් සමූහයට මෙම ගුරුවරයාගේ අංකය ද ඇතුළත්ව තිබීම හේතුවෙන් ඔහුගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ ගුරුවරයාගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කරගත් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවත් පොලිසිය පවසයි.

අදාළ උපකාරක පංති ගුරුවරයාගේ මව විශ්‍රාමික විදුහල්පතිනියක් වන අතර ඇගේ දුරකතනය ද පොලිස් භාරයට ගෙන තිබේ.

Aruna