Thursday, April 23, 2026
Follow Us
Social and Equity

ශ්‍රී රාජකීය පදනම මගින් සංවිධාන කරනු ලැබූ "ලක් අභිමන් 2024" ගෞරව සම්මාන උළෙල පසුගියදා (14) මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ.

Social and Equity

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

Social and Equity

Sri Lanka is ranked 4th in among the top solo travel destinations this year, by the prestigious Forbes magazine.

Social and Equity

මෙම වසරේ (2024) ගතවූ දෙසතිය ඇතුළත දිස්ත්‍රික්ක දහයක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හැටහතකින් ඩෙංගු රෝගීන් පන්දහස් විසිනවදෙනකු වාර් ථා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Social and Equity

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසල් ලබන 15 වැනිදා වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

රුපියල් මිලියන 337ක විදෙස් ආධාර යටතේ ප්‍රධාන පාරිසරික ව්‍යාපෘති හයක් ඔස්සේ මෙම වසරේදී මෙරට පාරිසරික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 

Social and Equity

රුහුණු කුමාරි දුම්රිය නැවතත් හෙට (16) සිට මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

ගතවූ පැය 24ක කාලය තුළදී තුළදී යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Social and Equity

බෝධි සත්ත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කළේය.

Social and Equity

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

Social and Equity

ඉදිරියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හරහා පළාත් පාලන ආයතනයන් මගින් සංචාරක ආකර්ශණීය ස්ථාන සංවර්ධනය කිරිම සඳහා මහ භාණ්ඩාගාරයෙන් සෘජු ලෙස ප්‍රතිපාදන වෙන් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

Social and Equity

The newly appointed Indian High Commissioner Santosh Jha visited the Gangaramaya Temple this morning and enaged in religious observance and invoked blessings

Social and Equity

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව ,  පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා  සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට අදහස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

Social and Equity
සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කළ වලස්මුල්ල, ඕකෙවෙල ,වීරකැටිය, කටුවන, බෙලිඅත්ත හා තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවීන් 700 දෙනෙක් සඳහා ඔවුන් දිරිගැන්වීමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්ය කෘෂි උපකරණ කට්ටල ලබාදීම පසුගියදා සිදුවිය.
Social and Equity

නොමිලේ දෙන දුම්රිය එන්ජින් බලන්න ලංකාවෙන් ඉන්දියාවට 65ක් ගොස් නැති බව මහාමාර්ග ප්‍රවාහන හා  ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන "යුක්තිය මෙහෙයුම" ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත.

Social and Equity
රටේ කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා රජය විසින් ක්රියාත්මක කර ඇති වැඩ සටහනට සහයෝගය පළ කරමින් කෘෂි අංශ කුසලතා සභාව විසින් වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්යස්ථාන සඳහා ඩ්රෝන යන්ත්රය බැගින් ලබා දීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්රික්ක සඳහා ඩ්රෝන යන්ත්ර 100ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.
 
දෙවන අදියර වනවිට වී වගා කරන සෑම දිස්ත්රික්කයකම පිහිටි සෑම ගොවිජන සේවා මධ්යස්ථාන 563ටම ඩ්රෝන යන්ත්රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.
 
පසුගියදා(10) රාමඩා හෝටලයේ දී UNFAO, USAID හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය ඒකාබද්ධව ආරම්භ කළ වී වගාවේ අස්වනු වැඩි කර ගැනීම සඳහා වන වැඩ පිළිවෙළ දියත් කළ අවස්ථාවේ දී ඩ්රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමේ වැඩ පිළිවෙළ ද ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබීය.
කෘෂි අංශ කුසලතා සභාව විසින් ලබා දීමට නියමිත ඩ්රෝන මෙහිදී ප්රදර්ශනය කෙරුණු අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල්. අබේරත්න හා කාවින්ද දිසානායක යන මහත්වරු සහභාගි වූහ.
රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්රෝන යන්ත්රයක් උපයෝගි කර ගනිමින් පළිබෝධ නාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි අතර අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකිවීම ගොවිජනතාවට වාසිදායක බව කෘෂි අංශ කුසලතා සභාව පෙන්වා දුන්නේය.
ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට ඩ්රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා නමුත් අපේ රටේ තවමත් ඒ සම්බන්ධව අවධානය යොමු වී නැත. මේ නිසා පළමු වරට මෙම යල කන්නයේ සිට වී වගාව සඳහා ඩ්රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අමාත්යවරයා අදාළ අංශවලට ස්තුතිය පළ කළේය.