Sunday, June 30, 2024
Follow Us
පළාත් පාලන ආයතනවල ස්ථිර නැති සුළු සේවකයන් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම්

පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභාවල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනු ඇත.

එම පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා පැවැත්විණි. 

 පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න,  බස්නාහිර, වයඹ, උතුර ආණ්ඩුකාරවරු සහ ලේකම්වරු මෙන්ම ඌව පළාත් ප්‍රධාන ලේකම්වරියද, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂි කොඩිප්පිලිආරච්චිද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.