Sunday, June 30, 2024
Follow Us
අමු මිරිස්වලින් අයිස්ක්‍රීම්

වැලිමඩ පුද්ගලයකු විසින් මඳක් ඉදුණු අමු මිරිස් යොදාගෙන අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කර ඇත.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික සහයෝගය ද ඇතිව මෙලෙස මිරිස්වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර ඇත්තේ වැලිමඩ පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක විසිනි.

කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්‌යේෂණ පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (27 වැනිදා) පැවැති වැඩසටහනකදී ලසන්ත රුවන් ලංකාතිලක විසින් සිය නිෂ්පාදනය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට හඳුන්වා දුන්නේය.

ගල්කිරියාගම සහ වැරනියා යන මිරිස් ප්‍රභේද දෙක දෙමුහුන් කර සකස් කරන ලද Mich Hy 1 මිරිස් ප්‍රභේදයේ සාමාන්‍යයෙන් ඉදුණු මිරිස් පල්පයක් ආකාරයෙන් සකසා එළ කිරි, සීනි ඇතුළු විවිධ අමුද්‍රව්‍ය යොදා මෙම අයිස් ක්‍රීම් වර්ගය සකස් කර ඇත.

මෙම නව නිෂ්පාදනය සදහා පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කර ඇතැයිද, අයිස් ක්‍රීම් කුඩා කප් එකක් (යෝගට් කෝප්පයක ප්‍රමාණය) රුපියල් 100 කට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ලසන්ත රුවන් ලංකාතිලක පවසයි.

Aruna