අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉන්දික ගමගේ අද (20) සමත්විය.
’45 Under 45′ ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පැවැත්විණි.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 20,000ක් සමඟ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 180,00ක් මහජනතාවගේ ආරක්ෂාව සහ පහසුව සඳහා යොදවා තිබේ.
වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දේශීය කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් අද (16) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීම හා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පසුගියදා ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තැබිය.
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයකුම සිය සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කර ඇත. Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වේ.
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙිපොල මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි 160ක (රු.මිලියන 1600ක) මුදලක් මෙවසර තුළ වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.
ඔබ පිනක් අරමුණු කරගෙන බුදුන් වහන්සේගේ තෙමගුල උදෙසා දන්සැලක් පැවැත්වීම සඳහා බලාපොරොත්තු වෙනවා නම්...
ඒ සදහා සපුරාලිය යුතු අවශ්‍යතා සපුරා නැති නම් , ඔබට දන්සැලක් පැවැත්වීමට සුදුසු තත්වයක් නොමැත..
Page 83 of 747