Thursday, January 16, 2025
Follow Us
සතොසෙන් පොල් රුපියන් 130ට

රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වම්න් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ අනුව එක පොල්ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම රජයට අයිති වතුවල තිබෙන පොල් නිෂ්පාදන මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.