කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ මහතා සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
“ජනාධිපති පරිසර සම්මාන - 2024” වැඩසටහනෙහි අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024 මාර්තු 31 වෙනිදා දක්වා දිගු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ. අයඳුම්කරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඔ ඇත. එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ “Golden Inmediens - 2023” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පැවැත්විණි.
කැනඩාවේ ඔටාවා හී බාර්හේවන් හි දී ඝාතනය ලක් වු ලාංකිකයින් 06 දෙනොගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (17) සිදුකෙරිණි.
කැලණිය විද්‍යාලංකාර පිරිවෙණේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතන හිමියන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) විද්‍යාලංකාර පිරිවෙණේදී පැවැත්විණි.
ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (19) පස්වරුවේ එක් වූහ.
මාංශ භක්ෂක ඇලිගේටර් ගා (Alligator Gar) නැමැති අඩි 09ක් පමණ දිගට රාත්තල් 300ක් පමණ බරක් දක්වා වැඩෙන ආක්‍රමණික මත්ස්‍ය විශේෂය මහනුවර වැවේ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව තිබේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (14) පැවැත්විණි.
අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
පවතින උෂ්ණාදික කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන් විසින් කොළඹ 07, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) එක්විය.
කැනඩා රජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් රෝගී සත්කාර ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍රාගාරයක් පසුගියදා කෑගල්ල මහ රෝහලට ලබාදී තිබේ.
යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන විට රාංජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් තිබිය යුත් බවත් එම සංවර්ධන වැඩ සටහන් අවසන් වන විට එය ජනතාව පීඩාවට පත්වන අයුරින් අවසන් නොවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපන යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව අත්හිටවනු ලැබූ දර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කෙරේ
තුඹයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර මහතා විසින් රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර 06ක පමණ එළවළු වගාව ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙරට ඉදිරි වසර පහ තුළ සිදු කෙරෙන සෞඛ්‍ය සංවර්ධන කටයුතුවලට ලෝක බැංකු ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය තුළින් රුපියල් බිළියන පහකට අධික මුදලක් ප්‍රමාණයක්.
උතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශේෂ ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මකට අනූව සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (11) උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
Page 82 of 739