Wednesday, February 11, 2026
Follow Us
නාවික හමුදාවෙන් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් අදියරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ක්‍රියාවට නැංවිණි.

තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය මඟින් එම පාසලෙහි සිසුන්ගේ, කාර්ය මණ්ඩ‍ලයෙහි සහ ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.