Sunday, July 06, 2025
Follow Us
කොළඹට පැය 18 ක් වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මේ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ.

අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේශණ නළයක සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම්දෙයි