Wednesday, December 04, 2024
Follow Us
සෞඛ්‍ය ඇමැති පෙරේදා මහනුවර ගිහින් නැහැ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දීම් මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

එම සාවද්‍ය ප්‍රවෘත්තියේ සඳහන් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ධූරයට පත්වූ පසු මේ දක්වා මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණයකට සහභාගි වී නොමැති බව අමාත්‍යාංශය අවධාරණයෙන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 පමන දක්වා කොළඹ 10 පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැඳී සිටි අතර එ් මහතාට පරිශ්‍රයෙන් බැහැරව යාමට අවස්ථාවක් නොතිබිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ උදෑසන සිට පස්වරුව දක්වා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති 07ක නියෝජිතයන් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය හා සේවා ගැටලු පිළිබඳවත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ ඉදිරි සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එම නියෝජිතයන් සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදු තිබේ.

එවන් තත්ත්වයක් යටතේ පෙරේදා (22) අමාත්‍යවරයා මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණය කිරීමට යාමට අවකාශ නොතිබූ බවයි එම අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ.

මෙවන් සාවද්‍ය ප්‍රවෘත්ති පළ කිරීම් මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ආයතන අපහසුතාවයට පත් නොකරන ලෙසත් එවන් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර මහජනතාව නොමග යැවීම සිදු නොකරන ලෙසත් අමාත්‍යංශය වැඩිදුරටත් ඉල්ලා සිටි.