ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් දිවයින පුරා බෙදාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් නිමිත්තෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමිණි.
වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.
දිවංගත අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්‍රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව හිමි වූ 20 දෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා ගුවන් ටික්පත් ප්‍රදානය කෙරිණ.
මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ ව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බවත් ඒ සඳහා මෙතෙක් කිසිදු සහනාධාර වැඩපිළිවෙළකට සහභාගී වී නොමැති පිරිස ඇතුළත් කර ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් ආගමික දේවස්ථානයන්හි පැවැත්වෙන ආගමික කටයුතු සඳහා සහභාගි වන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පති විසින් සියලු ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ප්‍රාදේශීය කොට්ඨාසභාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
අප්‍රේල් මස 13 වනදාට යෙදී ඇති අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එළඹෙන 12 සහ 13 යන දෙදින විශේෂ අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
ලංකා ගමනා ගමන මණ්ඩලය පසුගිය කාල පරිච්ඡේදය පුරාවට විශාල වශයෙන් පාඩු ලැබූවද ලංගමය ගොඩනැගීම සඳහා තමා සහ කාර්ය මණ්ඩලය ගන්නා ලද මහත් පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ලංගමය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දරු ප්‍රසූතියේ දී පියවරුන්ට ප්‍රසූතාගාරය තුළ සිටීමට අවස්ථාව ලබා දීමට කාසල් වීදියේ කාන්තා රෝහල නව වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිවය. ආදියේ සිට පැවත එන මේ සද් සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරාණයේ පෙන්වා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී ඇති අතර, එය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ‘මුරුංගා දිනය’ ලෙස නම් කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
Page 79 of 738