Tuesday, January 21, 2025
Follow Us
විදේශ රැකියා පුහුණුව වඩාත් ගුණාත්මක කිරීමට පියවර

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමික ප්‍රජාවට ගුණාත්මක පුහුණුවක් ලබා දීම පිළිබඳව විදේශ රැකියා පුද්ගලික පුහුණු ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි‍‍‍

එම පුහුණු මධ්‍යස්ථානවල නිලධාරීන් ක්‍රියාකළ යුතු ආකාරය, පුහුණුලාභීන් සඳහා ලබාදිය යුතු පහසුකම් සම්බන්ධවත් ඒ ලබා දෙන්නා වූ පහසුකම් ඉහළම තත්වයෙන් ලබා දිය යුතු බවත් මෙහිදී දැනුවත් කරන ලදී. දැනට පවතින පුහුණුව වඩාත් විධිමත් අයුරින් ලබා දීම හා ජාත්‍යන්තරයට ගැළපෙන ආකාරයට ශ්‍රමික ප්‍රජාව බලගැන්වීමද මෙමගින් බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු (ගෘහස්ථ) අංශය විසින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සජිත් චාමින්ද, පුහුණු (ගෘහස්ථ) අංශයේ කළමනාකරු ආනන්ද ප්‍රේමසිරි යන මහත්වරුන්ද, දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 33 ක නිලධාරීන් සහ කාර්යාංශ නිලධාරීන් රැසක් වැඩසටහනට සහභාගී විය.