ශ්‍රී ලංකාවේ අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය පිරිනැමීම සඳහා වන ජනාධිපති අපනයන සංම්මාන උළෙල 2025 පෙබරවාරි 07 වන සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.
මෙවර සම්මාන උළෙලේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන ක්ෂේත්රයේ 2023/24 මූල්‍ය වර්ෂය සඳහා සුවිශේෂී ප්‍රගතියක් පෙන්වූ හොඳම අපනයනකරුවන් උදෙසා සමස්ත හා එක් එක් භාණ්ඩ හා සේවා අංශ සඳහා සම්මාන පිරිනැමීම සිදුකරනු ලබයි.
මෙවර ජනාධිපති අපනයන සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.