Saturday, August 29, 2026
Follow Us
Political

කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ආධාර කරන්නැයි කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටියේ ඇය මේ දිනවල මානසික ආතතියකින් පෙළෙන නිසා බවත් රජයට එවැනි මුදල් හිඟයක් කිසිසේත්ම නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ පැවැත්වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

A special Cabinet meeting has been convened today (18) at 6.00 p.m., Minister Keheliya Rambukwella said.

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටයි ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇත්තේ.

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්ත පිළිබද විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වනවා. අද සහ හෙට යන දින දෙකේදී එම පනත් කෙටුම්පත විවාදයට ගෙන සරල බහුතරයකින් සම්මත කර ගැනීමටයි ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත්තේ.

Political

Samagi Jana Balawegaya (SJB) National Organiser and Parliamentarian Tissa Attanayake yesterday (17) called on the Government to allow the private sector to import COVID-19 vaccines which have been approved for use.

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට සිය පක්‍ෂය ඉදිරිපත් කර ඇත්තේ වරාය නගරයේ අයිතිය සහ පාලනය ශ්‍රී ලංකාවට හිමිවන ආකාරයේ සංශෝධන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ආණ්ඩුව එම සංශෝධන පිළිගන්නේ නම් පමණක් එම පනත් කෙටුම්පතට සහායදීමට අවධානය යොමුකළ හැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ.

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්තට ආණ්ඩුව ඉදිරිපත් කරන සංශෝධනවලට අනුව සිය පක්ෂයේ ස්ථාවරය තීරණය කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඒ සඳහා සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.

Political

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ මෙන්ම නීතිරීති වල විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

Political

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් මේ රටේ පාර්ලිමේන්තුව සහ ජනතාව වෙනුවෙන් අප යුතුකම ඉටු කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, පවසනවා.

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්තේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ, අනුව එම ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ද අනුමත විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.

Political

පසුගිය දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් මහජනතාවට වන්දි ලබා දීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

Political

Former Western Province Governor Azath Salley who is under CID detention, admitted to the National Hospital in Colombo yesterday.

Political

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙන බව වාර්තා වී ඇත.

Political

කොවිඩ් රෝගීන් සඳහා පවතින ඇඳන් හිඟය පියවීමේ අරමුණින් යුතුව දියත් කළ "දින 10කින් ඇඳන් 10,000ක්" ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීමට හැකියාව ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් මේ රටේ තරුණ පරපුරට ස්තූතිවන්ත වන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

Former Western Province Governor Azath Salley who is under CID detention, admitted to the National Hospital in Colombo yesterday.

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පනත් කෙටුම්පත හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ.

Political

එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීම් සදහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටද දන්වා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.