සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරෙන හෙට (25) වැනිදා දුම්රිය ගමන් වාර 20 ක් පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී සහ ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව සීමිත දුම්රිය ප්‍රමාණයක් මෙලෙස ධාවනයට එක්කර ඇති බවය.
අඹේපුස්ස සිට කොළඹ කොටුව බලා ගමන්වාර 3 ක්, කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ගමන්වාර 3ක්, පොල්ගහවෙල සිට මහනුවර දක්වා එක් ගමන් වාරයක්, මහනුවර සිට පොල්ගහවෙල දක්වා එක් ගමන් වාරයක්, අලුත්ගම සිට මරදාන දක්වා ගමන් වාර 2 ක්, මරදාන සිට අලුත්ගම දක්වා ගමන්වාර 2 ක්, බෙලිඅත්ත සිට ඉඳුරුව දක්වා ගමන් වාර 1 ක්, ඉඳුරුව සිට බෙලිඅත්ත දක්වා ගමන්වාර 1 ක්, කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා ගමන්වාර 2 ක්, කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා ගමන්වාර 2 ක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් වාරයක්, කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ගමන්වාර 1ක් වශයෙන් ගමන් වාර 20 ක් ධාවනය වේ.
(Aruna)