Monday, November 10, 2025
Follow Us
අපි කවුරුත් වාහන ඉල්ලුවේ නෑ - කැබිනට් ප්‍රකාශක : එතකොට වාහන ගෙන්වා දෙන්න හැදුවේත් ජනතාවද ?

අලුත් වාහන ආනයනය කර ලබාදෙන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිසිවෙකුත් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

"අපි කවුරුත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා නෑ වාහන ගෙන්වන්න කියලා. අපි කැපකිරීමක් කරන්න බොහොම පැහැදිලිව ලෑස්ති වෙලා ඉන්නවා. අතිගරු ජනාධිපතිතුමා ඒ කැපකිරීම කළා තමුන්ට වාහන ගන්නෙ නැතුව, නිල නිවාස භාවිතා කරන්නෙ නැතුව, එතුමාගෙ කාර්ය මණ්ඩලයේ දහස් ගණනක සේවකයින් අඩුකරලා රටට බිලියන තුනක මුදලක් පළවෙනි වර්ෂයේ ඉතුරු කළා. ඉතිං ජනාධිපතිතුමා ඒ ආදර්ශය ලබාදීලා තිබෙනවා, අපිත් ඒ ආදර්ශය ඉහළින්ම පිළිපදින්න ඉතාම කැමැත්තෙන් සිටිනවා. වාහන ගෙන්වීමේ කටයුත්ත සිදුනොවෙන බවට අගමැතිතුමාගෙ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඒ අනුව අපට ඇති ප්‍රශ්නය වන්නේ මේ වාහන ගෙන්වීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ මේ ආණ්ඩුවෙන් නොවේද යන්නය. මැති ඇමතිවරුන්ට අලුතින් වාහන ගෙන්වා දෙන්නැයි ජනතාව ඉල්ලා සිටියාවත්ද ?

(LNW)