රට වසා දමන ලෙස සිය පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10 ක් කළ ඉල්ලීම කුමන්ත්‍රණයක් ලෙසට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසනවා.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වැටුප කොවිඩ් මර්දනය සඳහා පරිත්‍යාග කිරීම තමන් ඉහළින්ම අගය කරන නමුත් එවැනි පරිත්‍යාගයක් කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවත් තමන්ගේ මාසික වැටුප සම්පූර්ණයෙන්ම බැංකු ණය වාරිකයක් වශයෙන් කැපී යන බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට සිදුකළ බව කියන මරණ තර්ජනය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දෙස් විදෙස් නායකයින් රැසක් සොව පළ කර තිබෙනවා.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු වත්මන් ආණ්ඩුවේ සන්ධානගත කුඩා පක්ෂ චේතනාන්විතවම ජනාධිපතිවරයාව සහ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන්නේ ඔවුන් ජාත්‍යන්තර බළල් අතක කුමන්ත්‍රණයකට හසුවීම නිසාදැයි සැකයක් මතුවන බවට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට සිදුකළ බව කියන මරණ තර්ජනය සම්බන්ධයෙන් මේ වනවිට 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
The Samagi Jana Balawegaya (SJB) MPs have decided to contribute their one month salary to a special fund that is to be opened by Leader of Opposition Sajith Premadasa, MP Harin Fernando confirmed.
අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුවිසල් මන්දිර දෙකක් එකට එකතු කර අත්පත් කරගෙන ඇති බවට ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබිණි. එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
කොවිඩ් ආසාදිතව ලංකා හොස්පිට්ල්ස් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (24) අභාවප්‍රාප්ත වී තිබේ.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී දැරියක් මියයාම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය හමුවේ කැඳවා තිබිණි. මෙම නඩුවේ 05 වැනි සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නම්කර ඇති බව අද අධිකරණයේදී හෙලි විය.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පිට අය කියන කිසිවක් නොඅසමින් උද්ද්ච්ඡ ලෙස හැසිරෙන ආණ්ඩුව ඉදිරි මාස කිහිපයේදී රට තවතවත් වළටම ඇදදමනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
A proper lockdown where advice of health experts are followed is the need of the hour as there are people loitering along roads despite the quarantine curfew in place,” UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
පහුගිය දිනවල දෛනික කොවිඩ් මරණ 150කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් මේ වනවිට රටෙන් බාගයක්ම ජනතාව මියයාමට ඉඩ තිබුණු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Page 257 of 553