මේ මොහොතේ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත් ,ඒ හරහා ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඒ සඳහා ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරන්නට උත්සාහ කරන්නේ 1% තරම් වූ සොච්චම් ප්‍රතිශතයකට, ජාවාරම්කාරයන්ට සහ සමහර ධන කුවේරයින්ට බදු සහන සලසා දීමට කටයුතු කිරීම බවයි සඳහන් කළේ.
ආණ්ඩුව මෙයින් උත්සාහ කරන්නේ ලුම්පන් ධනවාදයට රට තුළ ඉඩක් සලසා දෙමින් සමාජ සාධාරණත්වය උල්ලංඝනය කිරීමට බවත් අසාධාරණ ලෙස ධනය උපයා ගෙන බදු මුදල් සඟවාගෙන සිටින ජාවාරම්කාරයන්ට මේ පනත හරහා රැකවරණය සැලසෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මුදල් පනත සම්බන්ධයෙන් අද (07) විපක්ෂ නායක කාර්යාලයේදී විශෙෂ ප්‍රකාශයක් කරමිනි.
(LNW)