Saturday, July 05, 2025
Follow Us
බඩුමිල අඩු කරන්න හදිසි නීතිය මොකටද ? - සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්‍යවශ්‍ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බඩු මිල පාලනයට හදිසි නීතිය අවශ්‍ය නැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා, ඒ වෙනුවට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත සහ එම අධිකාරිය ඒ සඳහා ප්‍රමාණවත් බවද පෙන්වා දෙනවා.

එහෙත් ආණ්ඩුව ඒවා බලාත්මක නොකර ගජමිතුරන්ට සහන සලසන බවත් ජනතාවට අවශ්‍ය එවැනි පාලනයක් නොවන බවත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරකරමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

කොවිඩි වසංගතය ජාතික ආපදා තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත අනුව බලතල හිමි බවත් එහෙත් ආපදා කළමනාකරණ ජාතික සභාව හෝ පත්කිරිමට ජනාධිපතිවරයා තවමත් කටයුතු කර නොමැති බවත් ඔහු සඳහන් කරයි.

හදිසි නීති රෙගුලාසිවලට සමගි ජනබලවේගය තරයේ විරුද්ධ බවත්, එවැනි විශේෂ නීති පනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමට ආණ්ඩුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජය කරන බවත් විපක්ෂ නායකයා පැවසීය.

(LNW)