රටේ ආපදා තත්වයක් පවතින විට ඒ ඒ වගකීම් බාරදිය යුත්තේ ඒවා ක්‍රියාත්මක කළහැකි අයට බවත් ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි පනවා ඇත්තේ ඒ අනුව බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
"සරත් ෆොන්සේකා මැතිතුමා හිටපු යුධ හමුදාපතිතුමා මෙතන ඉන්නවා. මම අහනවා සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමනි, එදා 2009 ඔබතුමන්ලා මේ රට බේරාගන්න ඉස්සෙල්ලා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව වැහුවා. මාවිල්ආරු සොරොව්ව අරින්න කියලා කාටද එදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝගය දුන්නෙ ? නියෝගය දුන්නෙ තමුන්නාන්සෙට. හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාවිල්ආරු සොරොව්ව අරින්න ඔබතුමාට බාරදෙන්නෙ නැතුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බාරදුන්නා නම් කොහොමට තියෙයිද ?
එහෙම නම් රටේ ආපදා තත්වයක් ඇතිවෙච්ච වෙලාවට ඒ වගකීම බාරදෙන්න ඕනෙ ඒක ක්‍රියා කරවන්න පුළුවන් අයට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි විවාදය අමතමිනි.
(LNW)