Saturday, July 05, 2025
Follow Us
අත්‍යවශ්‍ය සේවා හා හදිසි නීතිය අතර සම්බන්ධය හරියට අල හොදියි බෝල්ට් ඇණයි වගේ - එරාන්

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමේ ගැටළුවක් මතුවී ඇත් නම් කළයුතුව තිබුණේ හදිසි නීතිය පැනවීම නොව රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

"අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම හා හදිසි නීතිය අතර මොකක්ද තියෙන සම්බන්ධය ? හරියට අල හොදියි බෝල්ට් ඇණයි එකට දානවා වගේ වැඩක් තමයි මේක. මේ හදිසි නීති රෙගුලාසි හරහා ජනාධිපතිට බලය තියෙනවා ජනතාවගේ සිවිල් නිදහස අහෝසි කරන්න.

කරන්නට තිබුණේ හදිසි නීති පැනවීම නෙවෙයි, රටේ හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නයි. දැන් ඖෂධවල ඉඳලා ඇන්ටිජන් දක්වාම කතාවල් අහන්න වෙලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකලා තියෙනවා කියලා චෝදනා තියෙනවා. ගොඩ වෙදා තියරියට තමයි ආණ්ඩුව වැඩ කරන්නෙ. ලෙඩේ මොකක් වුණත් එකම බෙහෙත දෙන්නෙ. කොයි ප්‍රශ්නය ආවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. විශේෂඥයින් පැත්තකට දාලා අහසින් ගෙනත් හයිකරන කාර්ය සාධක බලකායෙන් වැඩක් නැහැ"

එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදය අමතමිනි.

(LNW)