සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති රැසක් සංශෝධනය කර හෙට දිනයේදී යළිත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Former President Maithripala Sirisena said there is growing animosity between President Gotabaya Rajapaksa and Prime Minister Ranil Wickremesinghe like a rivalry.
President Gotabaya Rajapaksa is to meet with SLPP MPs today amidst reports of disagreements between him and Prime Minister Ranil Wickremesinghe.
විසිහතර පැයම පෝලිම්වල දුක් විඳින ත්‍රීවිල් රථ රියදුරන් වෙනුවෙනුත්, වාහනවල දුක් විඳින ජනතාව වෙනුවෙනුත්, කුසගින්නේ පෝලිම් වල සිටින ජනතාව වෙනුවෙනුත්, පෝලිම්වල මියගිය අහිංසක මිනිසුන් වෙනුවෙනුත්, දුම්රියේ ගමන් කරමින් සිටියදී ඇද වැටී මියගිය අහිංසක තරුණයා වෙනුවෙනුත් ආණ්ඩුවට බලකර සිටින්නේ මේ දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන ලෙස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා කියවීම අද සිදු කෙරිණි. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා.
Global financial agencies or donor countries would not come forward to bail out Sri Lanka from her current economic, political and social mess as long as Gotabaya Rajapaksa – Ranil Wickremesinghe kleptocracy remains in power, former President and SLFP leader Maithripala Sirisena said.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයකු වන ජගත් සමන්ත විසින් පෙරේදා (17) දිනයේදී ප්‍රසිද්ධියේම පුද්ගලයෙකුට පහරදී තිබේ.
අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
A general election could be held if that is the only option available to bring political stability, Samagi Jana Balawegaya ( SJB) MP Harsha De Silva said yesterday.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් රටේ දැවෙන ප්‍රශ්න රාශියකට සාර්ථකව විසඳුම් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙනවා. ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කළ හේතුය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.
වගකීම් භාර ගන්නා ලෙස ඇතැමුන් ඉල්ලා සිටියදී, කිසිවිටකත් සමගි ජන බලවේගය හෝ තමන් වගකීම් පැහැහැර නැති බවත්, එහෙත් රට විනාශ මුඛයට රැගෙන ගිය පොහොට්ටුවේ හොර කල්ලි සහ රාජපක්ෂවරු සමග සන්ධානගතව ආණ්ඩු හැදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හෙට (20) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
The Adjournment Debate on the report of the Committee on Public Enterprises which was tabled in Parliament on 8 March, will be held next week.
Page 152 of 554