SJB MP Imtiaz Bakeer Markar said no other country in Asia has fallen to the depths Sri Lanka has fallen today. He also pointed to a comment by Indian Nobel Laureate Amartya Sen, who once said, ‘There can never be a famine in a democracy’, as the people’s voice and needs are heard within a democracy. “Sri Lanka is set to prove him wrong as this country faces a massive food crisis, with leaders having failed to heed the advice of experts and even its public,” Bakeer Markar said. The public has been placed under immense stress, he added, noting that things could go out of hand at any moment.
උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්ය ධුරය දරණ සමයේදී ඉන්ධන සඳහා වන ඉන්දියානු ණය ක්රමයෙන් මෙරටට ඉන්ධන ගෙන්වීම ප්රමාද කර ඇති බවත් සෑම ඉන්ධන නැව් තුනකටම සිංගප්පූරුවෙන් නැව් දෙකක් බැගින් ඇතුළු කරමින් ඒවා නිදහස් කරගැනීම සඳහා ඩොලර් ඉල්ලා සිටි බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
Ambassadors of the European Countries have assured the continuous support to Sri Lanka at this challenging time.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කෝටිපති සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ප්රමුඛ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පවත්වා තිබේ.
ප්රවාහන අමාත්යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු කළේයැයි චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවෙන් ඔහු අද නිදහස් කෙරුණා. ඒ, නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
රට ගොඩගැනීම සඳහා සියලුම දෙනා සහයෝගය ලබාදෙන්නේ නම් නොවැම්බර් මාසය වනවිට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
වර්තමානයේ රට පවතින තත්ත්වය හමුවේ වුවද ආයෝජන ගෙන ආ හැකි අතර රැකී රක්ෂා නිර්මාණය කිරීම විශාල අභියෝගයක් නොවනු ඇති බව ආයෝජන ප්රවර්ධන අමාත්ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා පැවසුවේය.
හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ජූලි මස 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කළා. ඒ, සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව අධිචෝදනා භාරදීම සඳහායි.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්යවරිය වශයෙන් හිටපු රාජ්ය අමාත්ය සීතා අරඹේපොල මහත්මිය පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
අද රටේ ක්රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්, අදූරදර්ශී, මිත්යාව මත පදනම් වූ ගමනක් තුළ රටම සරණාගතයන් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා (24) දිනයේදී කැබිනට් අමාත්යවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
Page 152 of 557