Friday, January 02, 2026
Follow Us
විපක්ෂ නායක සජිත් සහ GMOA අතර සාකච්ඡාවක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පවත්වා තිබේ.

විශේෂයෙන්ම සෞඛ්‍යය ක්ෂේත්‍රය සහ එහි කාර්ය මණ්ඩලයන්, මෙන්ම රටේ පුරවැසියන් ද වර්තමානයේ මුහුණ දී සිටින සෞඛ්‍යමය ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මහජන හිතකාමී, ගෞරවාන්විත සහ අත්‍යාවශ්‍ය සේවයක යෙදෙන සෞඛ්‍ය කාර්යය මණ්ඩල සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කළ අතර ඔවුන්ගේ රාජකාරිමය කටයුතු වෙනුවෙන් අවශ්‍යවන සහයෝගය ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදීමේ වගකීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය.

LNW