Friday, January 02, 2026
Follow Us
සමාජ මාධ්‍ය වලින් අගමැති ඉල්ලීමක් කරයි

සමාජ මාධ්‍යයේ පළ වූ හිරුනිකාගේ ඡායාරූප ගැන අගමැති කිවූ කතාව


තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නොකළ යුතු බව ද අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බව ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බවත් ඇයගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Aruna