Friday, January 02, 2026
Follow Us
ජොන්ස්ටන්ට සිතාසි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ජූලි මස 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කළා. ඒ, සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව අධිචෝදනා භාරදීම සඳහායි.

අදාල විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම සිතාසි නිකුත් කිරීම සිදු කර තිබෙනවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත්දා මෙම නඩුව ගොනු කරනු ලැබුවා.


Neth