රට හදන්න අපි ලෑස්තියි
තමන් කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නම් පවතින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ (26) පැවති විරෝධතා රැලියකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙලෙස පැවසීය.
“රටක් කඩාවැටුණාම ඒ රට ගොඩනගන්නේ කවුද ? ඒ රටේ මිනිස්සු. ඒකට ජාත්‍යන්තර සහාය අතිරේකව ලබාගන්න ඕනේ. දැන් තෙල් ඇමති හිටියට ෂෙඩ්වල තෙල් නැහැ. කෘෂිකර්ම ඇමති හිටියට කුඹුරට පොහොර නැහැ. පාසල් වහනවා කියන්න අධ්‍යාපන ඇමති ඉන්නවා. මොකටද මේ ඇමතිවරු ? මෙවැනි ආණ්ඩුවකින් මේ රට ගොඩගන්න බැහැ. අපි ලෑස්තියි මේ වැඩේ ගොඩගන්න. හෙට ගෝඨාභය, රනිල් ඔයගොල්ලෝ මේක භාරදෙනවා නම් අපි ලෑස්තියි. මේ රටට හදන්නත් ලෑස්තියි. අපිට වෙනමොකුත් ඕනේ නැහැ. අපිට දෙන්න ආණ්ඩුව. මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපි කැමති කැබිනට් මණ්ඩලයක් හදන්න දෙන්න. අපිට ආණ්ඩුවක් හදාගන්න දෙනවානම් මේ ප්‍රශ්නයේ විසඳුම් ක්‍රියාමාර්ගයක්, අපේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන විනාශය වළක්වන ක්‍රියාමාර්ගයට මේ රට අවතීර්ණ කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපි මේක භාරගැනීමට ලෑස්ති.”
Aruna