තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත්, එවැනි අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපතිධූරයට පත් නොවිය යුතු බවත් වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටී.
පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇතැයි ද, ඒ දෙගොල්ල දැන් දෙකක් නෙමේ එකක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
“ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අගාධය තෙරක් නොපෙනෙන තරම්ය. එය ගොඩ ගැනීමේ කෙටිකාලීන වැඩසටහන් යොදමින් ‘‘එදා වේල පිරිමසා ගැනීමෙන්’’ එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත.
රටට අවශ්‍ය වන්නේ තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව 43වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළ පරිදි මෙම සතියේ දී පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරනු ඇතැයි විශ්වාස කරන බව පැෆරල් සංවිධානය පවසනවා.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතට අදාළව මූලික කටයුතු මේවන විට සිදුකර අවසන් බව ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අනාවරණය විය.
මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව අධිකරණ බන්ධගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ නගරය තුළ මහදවල් ඝාතනයට ලක්වීම යනු ඉතාම බරපතළ තත්වයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
බෞද්ධකම නැතිකර ඒ වෙනුවට වෛරය ආදේශ කර දේශපාලන බලය අතට ගන්න පුළුවන් කියා කවුරුන් හෝ සිතනවා නම් එය සිහිනයක් පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී (2022.12.16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම තවත් මාස 06කින් පමණ කල් දැමීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්‍තික්‍ර් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබේ.
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කුරුමානම් අල්ලමින් සිටින අතර අලුතෙන් දැන් කියමින් සිටින්නේ මුදල් නැතිකම සහ දෙසැම්බරයේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම හේතුවෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි බව වන බවත් ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය සියල්ල කල්දමා රනිල් වික්‍රමසිංහ මහතා සදාකාලික ජනාධිපතිවරයා ලෙස සිටීමට උත්සහ කරනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය සඳහා සන්ධාන 05ක් තරග බිමට පිවිසීමට සූදානම්ව සිටිති. මේ වනවිට පක්‍ෂ අතර අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වෙන අතර තවත් පක්‍ෂ සාකච්ඡා අවසන් අදියරේ සිදුවෙමින් පවතී.
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව විසින් ඊයේ (15) පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවේදී වෘත්තීය වෙබ් කරුවන් මඟ හැර ඇති බවට ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය චෝදනා කරයි.
පසුගිය දා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා කළ දේම වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද අනුගමනය කරන බවයි.
නව සංධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තීරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේවල් නොවන අවස්ථාවක පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
Page 82 of 553