Wednesday, September 23, 2026
Follow Us
මැතිවරණ නිරීක්ෂකයින් 7000ක් 

පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

 පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මේ වන විට මැතිවරණ නිරීක්ෂකයින් දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති බවයි.

 ඉදිරි සතියේ සිට එම දිස්ත්‍රික්කවල මැතිවරණ නිරීක්ෂකයින් සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බව පැෆ්රල් සංවිධානය පවසයි.