Friday, November 07, 2025
Follow Us
මැතිවරණ ගැසට්  වෙයි

එළඹෙන මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 38(1) ඇ වැනි උපවගන්තිය ප්‍රකාරව මාර්තු 9 වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනවල දක්වා ඇත.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 58කින් සහ ස්වාධීන කණ්ඩායම් 329 කින් අපේක්ෂකයින් 80,720 දෙනෙකු තරග කරන බව ද වාර්තා වෙයි.