Friday, November 07, 2025
Follow Us
ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කරයි 

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණය කර තිබේ. 

ඒ අනුව ඊට අදාළ අයදුම්පත් පෙබරවාරි 01 පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ. අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය  පෙබරවාරි මස 15 වනදා වන අතර අදාළ අයදුම්පත්‍රයේ ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන්ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම සභාව අද පෙරවරුවේ රැස් වී තිබේ.