රෝහල්වල පවතින හෙද සේවක පුරප්පාඩු පිරවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් තීරණය කර තිබේ.
රට ආරක්ෂා කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් සම්මත කර ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
හරිත පක්ෂයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදු වී දින කිහිපයක් ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට පෙර ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා වන පනතක් රටේ ක්‍රියාත්මක වූ බවත් තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ එම පනත නිසා බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
දකුණට ලබාදෙන සෑම පහසුකමක්ම උතුරු නැගෙනහිරටත් ඒ අයුරින්ම ලබාදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26)පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමාවෙන් තරුණයින් අසහනයට පත් කර එම අසහනයට පත් තරුණයින්, අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක් බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
සහරාන්ගේ ජංගම දුරකතනයේ දත්ත පිටරට බුද්ධි අංශයකට ගෙනියන්න දුන්නේ ඇයි දැයි ප්‍රහේලිකාවක් බවත් ඒ දුරකතනයේ මේ ප්‍රහාරය ගැන බොහෝ රහස් තොරතුරු තිබෙන්නට ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ පත්වූහ .
විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සකස් කිරීමට සහ විද්‍යුත් විකාශන ආයතන සඳහා තිපත්ති සකස් කිරීම වෙනුවෙන් පත් කර ඇති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ඊයේ (18) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.
දේශපාලන මැදිහත් වීම් මත, මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත් ලබා නොදීමට තමා උපදෙස් දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රටට අවශ්‍ය වන්නේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික වැඩපිළිවෙළක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
මිනිස්සු ජීවත් කරවීමට, සිස්ටම් එක චේන්ජ් කිරීමට අපිට කලබලයක් තිබූ බවත්, ජනතාව රවටන පටු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකිවීම නිසා තවත් පිරිසක් කලබල වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
රැකියා සඳහා විදෙස් ගත වූ අය සහ ඔවුන්ගේ පවුල් නගා සිටුවීම සඳහා විශේෂ සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද(25) පාර්ලිමේන්තුවේ පැවසීය.
තරුණයන් අපේක්ෂා කළ වෙනස වසරක් ගත වුවද මෙතෙක් සිදු වී නැති බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළ අතර විවිධ නායකයින් මේ රට හැදුවා බව ද ඇය ප්‍රකාශ කළාය.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය .
" සමහරු රට විනාශ කළා. මේ සියල්ල බලන කොට අපි ඉදිරියට ගිහිල්ලා නැහැ. මම නම් ලැජ්ජා වෙනවා. අපි ගොඩාක් ඉදිරියෙන් හිටියේ. නිදහස ලැබෙන වේලාවේ අපිට වැඩිය ගොඩාක් පිටුපසින් හිටිය රටවල් අද කොතැනද සිටින්නේ. අපි කොතැනද සිටින්නේ . අපේ තරුණ ප්‍රජාව අපිට රැඩිකල් වෙනසක් අවශ්‍ය කියලා මහා සටනක් ආරම්භ කළා දැන් අවුරුද්දකට පෙර. ඒ් සටහන පුදුමාකාර විදියට සාර්ථකත්වයක් ලැබුවා. රජය ගෙදර යා යුතුයි කිව්වා.ගෙදර යැව්වා. ඊට පස්සේ වෙනසක් අවශ්‍ය කිව්වා. ඒක සිද්ධ වෙලා නැහැ. අවුරුද්දක් තුළ ඒ් රැඩිකල් වෙනස සිද්ධ වෙලා නැහැ."
පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වනදා සිදුකළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කර ඇත.
Page 64 of 549