“මේ රට නිවැරදි තැනකට ගේනවා නම්, මේ රට සංවර්ධනය කෙරෙමින් ඉදිරියට එනවා නම් ඒකට හරස් වෙන අය මොන දේශපාලන පක්ෂයක්ද? රටේ දියුණුවට, රටේ ඉදිරි ගමනට විරුද්ධ වෙනවා නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාවගේ සාපය ලැබේවි.” යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා මතුගම එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩලය අමතමිනි.
එක්සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් විජේමාන්න සහ මතුගම වැඩබලන සංවිධායක පුබුදු ජයනෙත්ති මහත්වරුන් විසින් මේ රැස්වීම සංවිධාන කරන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මම දැක්කා, පසුගිය දිනවල සමඟි ජන බලවේගය කියනවා ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගත් ගිවිසුමට විරුද්ධව ඒ අය පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙනවා කියලා. විපක්‍ෂයේ අයට මේ රට ගැනවත්, ජනතාව ගැනවත් වේදනාවක් නෑ. විපක්ෂයේ ඉන්න කණ්ඩායම් බලන්නේ රජය විවේචනය කර මිනිසුන්ගේ මනස විකෘති කර ඊළඟ ඡන්දෙන් බලයට එන්නයි. බලයට ආවට සැලැස්මක් නෑ. ආපසු මේ රට වෙන තැනකට ගියොත් ජනතාවට පෝලිම්වල ඉන්න තමයි වෙන්නේ.
අද ජනතා විමුක්ති පෙරමුණත්, සමඟි ජන බලවේගයත් කෑ ගහමින් විවේචනය කරමින් කකුලෙන් අදිනවා. ඒත් අද වන තුරු ජනතාව මුහුණ දෙන මේ ආර්ථික ප්‍රශ්නවලට මොකක්ද විසඳුම කියලවත් කියන්නෙ නෑ. ඕනෑම කෙනකුට තව කෙනෙක් විවේචනය කරන්න නිදහස තිබෙනවා. ඒත් රනිල් වික්‍රමසිංහ මහතාට කරන්න පුළුවන් දේ තමයි මේ රට හරි තැනට ගෙන ඒම. එයාලා බයෙන් ඉන්නේ ජනාධිපතිවරයා මේ රට හරි තැනකට ගෙන ආවොත් ඒ අයට බලයට එන්න තැනක් නැති වේවි කියලා. ඒකයි ඒ අය විවේචනය කරන්නේ.”
-Dinamina