Wednesday, November 05, 2025
Follow Us
දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්දයෙන් සම්මතයි

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.

අද පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී මීට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් හිමිවිය.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව අද දින පෙ.ව 9.30 ට රැස්විය.