Wednesday, November 05, 2025
Follow Us
පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථීර කිරීමට

පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථිර කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වරිපනම් ඇතුළු අනෙකුත් ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සැලසීම හඳුන්වා දීමට අද (05) මහරගම නගර සභාවේදී පැවැති වැඩසටහනට එක්වෙමිනි.

දැන් අපේ ආර්ථිකය යන්ත්‍රය ක්‍රමවත් වෙමින් තිබෙනවා. අපිට නැවත හිස ඔසවන්න පුළුවන් බව ලෝකයේ අනෙකුත් රටවල් පිළිගෙන තිබෙනවා. ඔවුන් ඒ සදහා අපට සහයෝගය දක්වනවා.

" අද සිට වරිපනම් ගෙවීම ඔන් ලයින් තාක්ෂණය භාවිතයෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම, ඉදිරියේදී මහජනතාවට අවශ්‍ය සේවාවන්, පහසුවෙන් හා ඵලදායි ලෙස ලබා දීමට අනෙකුත් මහජන සේවාවන් ද මේ ආකාරයෙන් තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම වැදගත්."යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.