පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ මාල්බරෝ හවුස් (Marlborough House) හි සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා පැවැති 10 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි මහතා (Seyyed Ebrahim Raisi) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවර දී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.
විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කළේය.
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය.
වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.
ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව, ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් සිට සිය සේවා කාලය අවසන් කොට නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා පවසයි.
කොවිඩ් වසංගතය සහ ගෝලීය ආර්ථික අර්බුදයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී එවකට විදේශ අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍යවරයා ලබාදුන් සහයෝගය අගය කරන බව පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගෙන් සමුගත් තානාපතිවරයා සිහිපත් කළේය.
දුෂ්කර සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතාට ස්තූතිය පුද කළේය.
ශ්‍රී ලංකාවට සහය වීමට තානාපතිවරයා දරන විශේෂ ප්‍රයත්නය සහ ශ්‍රී ලංකාවේ යහපත සඳහා ඉරානය විසින් සිදු කරන ලද වැදගත් හවුල් ව්‍යාපාර අවසන් කිරීම සහතික කිරීම සඳහා නොපසුබටව කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවිය.
අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් මෙම හමුවට එක්ව සිටියහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සමගාමීව රුමේනියාවේ විදේශ අමාත්‍යවරිය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුවක් පසුගියදා සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක් වූහ.
“ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” වට මේස සාකච්ඡාවට ද ජනපති සහභාගි වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
ශ්‍රි ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ප්‍රකාශ කළේය.
Page 59 of 374