Saturday, May 04, 2024
Follow Us
නව මහකොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව මහකොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් ඊය‍ෙ(01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

එස්වාටිනි රාජධානිය සඳහා නව මහකොමසාරිස්වරයෙක් සහ රුමේනියාව, කිර්ගිස් ජනරජය සහ තුර්ක්මේනිස්ථානය සඳහා නව තානාපතිවරු මෙලෙස පත්ව සිටිති.

අද අක්ත පත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නම් පහත පරිදි වේ:

01- මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා – මහකොමසාරිස් – එස්වාටිනි රාජධානිය
Mr. Menzie Sipho Dlamini High Commissioner of the Kingdom of Eswatini)

02- ස්ටෙලුටා ආහයර් මහත්මිය – තානාපති – රුමේනියාව
Ms. Steluta Arhire Ambassador of Romania

03- අස්කාර් බෙෂිමෝව් මහතා – තානාපති – කිර්ගීස් ජනරජය
Mr. Askar Beshimov Ambassador of the Kyrgyz Republic

04- ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා – තාතාපති – තුර්ක්මේනිස්ථානය
Mr. Shalar Geldynazarov Ambassador of Turkmenistan

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අද පත්වීම් ලැබු නව මහකොමසාරිස්වරයා සහ තානාපතිවරු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමඟ කෙටි සාකච්ඡාවකට ද එක් වූහ.