Monday, April 21, 2025
Follow Us
රුසියානු තානාපති සහ විදුලිබල හා බලශක්ති ඇමැති අතර හමුවක්

මෙරට රුසියානු තානාපති ලෙවාන් එස් දහගර්යන් මහතා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පසුගියදා (23) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

බලශක්ති ක්ෂේත්‍රයට අදාළ රජයේ ප්‍රතිපත්ති සහ සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම මේ වසරේ මාර්තු මස සෝචි නගරයේ දී පැවැත්වෙන ඇටොමෙක්ස්පො 2024 න්‍යෂ්ටික බලශක්ති ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කර තිබේ.