Saturday, May 04, 2024
Follow Us
ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසට සැලකෙන Icon of the Seas ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර තිබේ.

ඒ යාත්‍රාවේ මීතේන් විමෝචනය පිළිබඳ පවතින විවිධ මතබේධාත්මක තත්වයන් මධ්‍යයේයි.

දිගින් මීටර් 365ක් (අඩි 1,197) යුත් Icon of the Seas මහල් 20 කින් සමන්විත වන අතර උපරිම වශයෙන් මගීන් 7,600කට ගමන් කිරීමේ හැකියාව පවතී.

සංචාරක නෞකාවේ හිමිකාරීත්වය Royal Caribbean Group සතුය. මෙම යාත්‍රාව සිය මංගල ගමනේදී නිවර්තන කලාපයේ දින හතක සංචාරයක නිරත වේ.

රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365ක දිගින් සහ තට්ටු 20කින් සමන්විත වන අතර, උපරිම වශයෙන් මගීන් 7,600කට එහි ගමන් කළ හැකි බව සඳහන්ය.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 07ක් පවතින බව වාර්තා වේ.

-Aruna