Tuesday, June 02, 2026
Follow Us
තායිලන්ත අගමැති දිවයිනට

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින්, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස මීට සුළු මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට ළඟා වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එහිදී පිළිගනු ලැබීය

 

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිතයි.