Thursday, April 25, 2024
Follow Us
නිවෙස සුවඳවත් කරන පොට්පොවුර්රි බඳුනක්

දසත සුවඳ පතුරන පොට්පොවුර්රි ලාංකික ඔබට තරමක් ආගන්තුකයි. නමුත් විදෙස් රටවල වෙසෙන අය තමන්ගෙ නිවහන සුවඳවත් ප්‍රීතිමත් ස්ථානයක් බවට පත්කර ගන්න මෙම පොට්පොවුර්රි බඳුන් භාවිත කරනවා. මෙයින් පැතිරෙන සුවඳීන් නිවෙස සුවඳවත් වනවා පමණක් නොව නිවැසියන්ගේ සිත් ද ප්‍රෙබෝධවත් වෙනවා.

ඒ නිසා මේ උත්සව සමයේ දී නත්තලේ අසිරිය තවත් වැඩි කර ඔබේ නිවෙස සුවඳවත් කර ගන්න ඉතා ඉක්මනින් පහසුවෙන් වියළි පොට්පොවුර්රි (Dried Potpourri) බඳුනක් නිර්මාණය කරගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා. ඔබටත් පුළුවන් ස්වාභාවික සුවඳකාරක ද්‍රව්‍ය භාවිතකර මෙවැන්නක් නිර්මාණය කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

පැඟිරි කුලයට අයත් දොඩම්, දෙහි, ලෙමන් වැනි පලතුරු වර්ග

කුරුඳු, ස්ටාර් ඇනිස් (Star anise ) වැනි කුළුබඩු වර්ග

පයින් කෝන්ස්(Pine cones)

අසුරා ගැනීම සඳහා බඳුනක්

පිහියක්

නිර්මාණය කිරීම

අංක 1 ජායාරූපයේ දැක්වෙන ආකාරයට දොඩම්, දෙහි, ලෙමන් පෙති සිහින්ව කපා ගන්න. ඉන්පසු අංක 2 ජායාරූපයේ පෙන්වා ඇති ආකාරයට තෙතමනය ඉවත් කර ගත යුතුයි. මේ සඳහා කිචන් ටවල්ස් (Kitchen towels) භාවිතකර ගත හැකියි.

 

උපදෙස්

Ama's HomeMade හි නිර්මාතෘ

අමා නාකන්දලගේ

(Tharuni)