අවශ්‍ය ද්‍රව්‍ය
කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 500ක්
අඹරාගත් ඉඟුරු තේ හැඳි 1ක්
අඹරාගත් සුදුලූනු තේ හැඳි 1ක්
අබ ඇට තේ හැඳි 2ක්
බේ කොළ 2ක්
එනසාල් 3ක්
සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 3ක්
සූදුරු තේ හැඳි 1ක්
බීලූනු ගෙඩි 1ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1ක්
ගරම් මසාලා තේ හැඳි 1ක්
අඹරාගත් අමු මිරිස් තේ හැඳි 1ක්
කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2ක්
පොල්තෙල් මේස හැඳි 3ක්
ඇසුරුම් කළ පොල්කිරි කොප්ප 1ක්
ජලය කොප්ප 1/2ක්
රස අනුව ලුණු
සාදන ක්‍රමය
කුකුළු මස් කපා සෝදාගන්න. භාජනයක් ලිප තබා තෙල් දමා රත් වූ පසු පිළිවෙළින් අබ ඇට, බේ කොළ, එනසාල්, වියළි මිරිස්, සුදුරු, බීලූනු, අමු මිරිස්, ඉඟුරු, සුදුලූනු, මිරිස් කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු, ලුණු දමා ජලය ස්වල්පයක් එකතු කර පිසගන්න.
එයට කුකුළු මස් දමා විනාඩි 2ක් පමණ හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ඇසුරුම් කළ පොල්කිරි දමා අඩු ගින්දරේ පිසගන්න. ඉන්පසු ගරම් මසාලා සහ බේ කොළ එකතු කරන්න.
Tharunie