අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු අන්නාසි ගෙඩි 1ක්
සීනි කෝප්ප 3/4ක්
විනාකිරි කෝප්ප 1/2ක්
අබ තේ හැන්දක්
පොල් තෙල් ටිකක්
වියළි මිරිස් කරල් 2 - 3ක්
කුරුඳු පොතු කෑල්ලක්
ලුණු
කෑලි මිරිස් තේ හැඳි 2ක්
එනසාල් 4 - 5ක්
කරාබු නැටි 3 - 4ක්
සාදන ක්‍රමය
01. භාජනයක් ළිපේ තබා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න.
02. එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු හා වියළි මිරිස් කරල් තරමක කෑලි කඩලා දාගන්න.
03. ගින්දර අඩු මට්ටමේ තියාගන්න. කෑලි මිරිස් ටික දාගන්න. කලවම් කරන ගමන් වතුර කෝප්ප 1ක් වගේ දාගෙන ඒකටම විනාකිරි හා සීනි දාගන්න.
04. සීනි හොඳට දියවෙලා උතුරගෙන එනකොට පොඩියට කපාගත් අන්නාසි කෑලි එකතු කරන්න.
05. අන්නාසි බෙරි වෙලා තෙත හිඳුණු උකු මිශ්‍රණයක් වෙනකම් පිසගන්න.
Tarunie