Tuesday, February 03, 2026
Follow Us
අමුමිරිස් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

අමුමිරිස් කරල් 10 - 12ක්

කොත්තමල්ලි කොළ ටිකක්

සූදුරු තේ හැඳි 1/2ක්

සුදුලූනු බික් 4 - 5ක්

තෙල් මේස හැඳි 1ක්

ගාගත් පොල් මේස හැඳි 1ක්

ලුණු

දෙහි යුෂ

සාදන ක්‍රමය -

01. පෑන් එකකට තෙල් දාලා රත් වෙනකොට සූදුරු, ලියාගත් සුදුලූනු දාලා හැඳිගාන්න. සුදුලූනු රන්වන් පාටට ආවට පස්සෙ අමුමිරිස් ටික එකතු කරන්න.

02. අමුමිරිස් ටික තෙලෙන් යාන්තමට බැදීගෙන එනකොට කොත්තමල්ලි කොළ ටික දාගෙන ළිප ඕෆ් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න.

03. මේ සියල්ලම ග්‍රයින්ඩ් කරලා දෙහි ඇඹුල් එකතු කරලා කෑමට ගන්න.

04. රස මේ උළුඳු වඩේ, තෝසෙ කන්න රසම චට්නියක්.

 

-Tharuni