Wednesday, January 22, 2025
Follow Us
හතු ඩෙවල්
අවශ්ය ද්රව්
හතු 200g
කුඩාවට කපාගත් බී ළූණු ගෙඩියක්

 රවුමට කපාගත් බී ළූණු ගෙඩියක්

කෑලි මිරිස් මේස හැඳි 3
චොප් කරගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 1
තලාගත් එනසාල්, කරාබු නැටි 3
අමුමිරිස් කරල් 3
කපාගත් මාළුමිරිස් කරල් 2
ගම්මිරිස් මේස හැඳි 1
කපාගත් තක්කාලි ගෙඩි 1
සෝයා සෝස් මේස හැඳි 1
ටොමැටෝ කෙචප් මේස හැඳි 2
ලුණු කුඩු ටිකක්
සීනි තේ හැඳි 1
කුරුඳු පොතු කැබැල්ලක්
බැටර් එක සදා ගැනීමට අවශ්ය ද්රව්
කඩල පිටි මේස හැඳි 3
කෝන් පිටි මේස හැඳි 3
ගම්මිරිස් කුඩු ටිකක්
ලුණු කුඩු ටිකක්
වතුර ටිකක්
 
හතු හොඳින් සෝදා වතුර මිරිකා අවශ්ය ප්රමාණයට කෑලි කපන්න. බැටර් එකට අවශ්ය සේරම බ්ලෙන්ඩ් කරගෙනා උකු බැටරයක් සාදා හතු වල හොඳින් දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
වෙනම භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා ඉඟුරු, සුදුළූණු, එනසාල්, කරාබු නැටි, කුරුඳු, කුඩාවට කැපූ බී ළූණු, රම්පා, කරපිංචා, අමුමිරිස්, කෑලි මිරිස්, තක්කාලි දාලා හොඳින් තෙම්පරාදු කරගන්න.
දැන් ඒකට සෝයා සෝස්, බැදගත් හතු, සීනි, රවුමට කපා ගත් බී ලුණු ගෙඩියක්, මාළුමිරිස්, ලුණු කුඩු හා ටොමැටෝ කෙචප් එක් කර ලිපෙන් බාගන්න.