අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසට හදා ගන්න පුළුවන් කෑමක්..
අවශ්‍ය ද්‍රව්‍ය
රැලං කප් එකක්
සීනි කප් එකක්
වතුර කප් 2 (රැලං කප් එකකට වතුර කප් 2ක් ගත යුතුයි. හැමදේම එකම කප් එකකින් මැනගන්න)
කජු සහ වියලි මිදි ටිකක්
කුඩුකරගත් කරදමුංගු 4/5 ක්
ගිතෙල් හෝ බටර් 1/4
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
පලමුව තුනී කර ගන්න තැටියේ හොඳින් බටර් හෝ ගිතෙල් ගා පසෙකින් තබා ගන්න.
පලමුව බාජනයක් ලිපේ තියල එලගි තෙල් හෝ බටර් වලින් බාගයක් දාගෙන කජු සහ වියලි මිදි ටික බැදගන්න.
ඉන්පසු ඒ ටික ඉවත් කරලා ඒ බාජනයටම රැලං ටික දමා අඩු ගින්දරේ විනාඩි 5ක් පමණ බැදගන්න.
ඉන්පසු බැදගත්තු රැලං ටිකත් අයින් කර පසෙකින් තබා, එම බාජනයටම වතුර ටික දාගෙන ඒකට කරදමුංගු,ලුණු සහ කලරින් ටික එකතු කරගෙන (මම coloring දැම්මේ නෑ) එය උතුරන විට රැලං ටික ටික දමා අඩු ගින්දරේ කැටි නොගැසෙන්න කලවම් කරගන්න.
දැන් එයට සීනි ටික දමා හොදින් මිශ්‍ර කරන්න. සීනි දිය වූ පසු කජු, මිදි සහ ඉතුරු ගීතෙල් ටිකත් දමා හොදින් කලවම් කර ඔක්කොම එක ගුලියට එනකම් මිශ්‍ර කර ලිප නිවා ගන්න.
ඉන්පසු ගීතෙල් ගා ගත්තු තැටියකට දමා හොඳින් තුනී කර නිවෙන්න තියන්න. පැය භාගයක් පමණ තබා කෑලි කපා ගන්න.. හරිම රසයි..
-pramo aneesha