අවශ්‍ය ද්‍රව්‍ය-
රතුලුනු ගෙඩ් 10
සුදු ලූණු බික් 4
සූදුරු හැන්දක්
ගම්මිරිස් ඇට 20
අමු මිරිස් කරල් 2
කරපිංචා
ගොරකා හෝ සියබලා 50g
කුරුදු පොත්තක්
කොත්තමල්ලි ඇට 20
කහ කුඩු අවශ්‍යනම්
වතුර කෝ්ප්ප 3 ක්
අවශ්‍යනම් මිරිස් ,ඉගුරු ,රම්පෙ හෝ සේර එක්කරගත හැකි
ලුණු
සාදන ක්‍රමය:-
* සුදුලූනු ,රතුලුනු ,අමුමිරිස් කපා හෝ තලාගන්න
* භාජනයක් ලිප තබා වතුර හා ඉහත සදහන් සියල්ල ලිපතබා ව්.25පමන පිසගන්න
* මේක ඉදුනම හොද සුවදක් එනවා.
සමහරක් පිරිස් මෙය පෙරා පොඩ්කර ආහාරයට ගනුලබති
මේකෙ කිසිම අගුණ දෙයක් නැති නිසා පෙරන්නේ නැතුව ගත්තත් ප්‍රශ්ණයක් නැ.
* උණක් බඩේ අමාරුවක් හැදුනු වෙලාවට,අතීසාරය හැදුනු කෙනෙකුට
උණ තියෙන වෙලාවට කෑම අරුචිය යන්න මේක හොද ඛෙහෙතක්
බත් හෝ පාන් එක්ක කන්න පුළුවන්
ලංකාවේ විවිධ පලාත්වල මෙය විවිධ නම් වලින් හදුන්වනු ලබනවා දකුනු හා බස්නාහිර පලාත්වල මිරිස් හොද්ද ලෙසත් උඩහ පලාත්වල තැම්බුම් හොද්ද ලෙසද දෙමළ ජනයා රසම් ලෙසද හදුන්වනු ලබනවා .
කිරි එරීම හා අලුත් මව්වරුන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන සුදු ලුණු වැඩි ප්‍රමාණයක් රසම් වල අඩංගු වෙනවා. ඒ සුදු ලූණු වල සෙරනියම්, විටමින් B 6 සංඝටක අඩංගු වන නිසා වන අතර එමගින් දරු ඵල වැඩි වීමක්ද සිදු වේ.