කේක් සෑදීමේදී ඔබට විවිධ වූ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය හැකිය. ඒවා එකින් එක විසඳගෙන ගියොත් ඔබව අතරමං නොවේවි. ඔබට පුංචි ස්වයං රැකියාවක් වුව ආරම්භ කළ හැකියි. එබැවින් නිවැරදි ශිල්පීය දැනුම සමඟින් මේ යන ගමන බෙහෙවින් වටියි.
1. කේක් බේක් කිරීම සඳහා යොදා ගන්නා අවන් එක
අවන් එක භාවිත කිරිමේදී අවන් එක හඳුනා ගැනීම අනිවාර්ය වේ. එකම වර්ගයේ අවන් වුවද එකින් එකට එහි උෂ්ණත්ව පරාස වෙනස්ය.
මේ සඳහා උෂ්ණත්වය මනින මාපක වෙෙළඳපොළේ ඇත. නිවැරදිව දැන මිලදී ගන්න.වාර්ෂිකව හෝ වර්ෂ දෙකකට වරක්වත් උෂ්ණත්ව පාඨාංක කාර්මික මහතෙකු ලවා පරීක්ෂා කර ගන්න.
2. මෙට්‍ර්ක් ක්‍රමය ( kg, g, ml, l ) අනුව රෙසපියේ ඇති අමුද්‍රව්‍ය මැන ගැනීම මඟින් වැරදීම් අවම කර ගත හැකියි.
නිවැරදි සහ අත්හදා බලා ඇති කේක් වට්ටෝරුවකින් ඔබට නිවැරදිව කේක් එකක් බේක් කර ගත හැකියි.
හේතුව සමහර කේක් වටිටෝරුවල අමුද්‍රව්‍ය දක්වා තිබෙන්නේ අවුන්ස/ කෝප්ප/ පයින්ට්වලිනි.
එම නිසා අවුන්ස ග්රෑම්වලට හරවා ගන්නා ආකාරයත් පයින්ට්/ කෝප්ප මිලි ලීටර්වලට හරවා ගන්නා ආකාරය පිළිබඳවත් ඔබ දැන සිටිය යුතුය.
ඔබ සතුව මුළුතැන්ගෙයි කිරුම් තරාදියක්
(kitchen Scale) තිබීම අනිවාර්ය වන අතර මෙට්‍ර්ක් ක්‍රමය අනුව වට්ටෝරුව යොදා ගැනීම වැදගත්. එය වැරදීම් අවම කළ හැකි ලෙහෙසි පහසුම මඟයි.
3. රෙසපි සඳහා යොදා ගන්නා සීනි
වෙෙළඳපොළේ කැට කුඩා සීනි, ඉතා විශාල කැට සහිත, මධ්‍යම ප්‍රමාණයේ සීනි ආදී ලෙස ඇත. බටර් ප්‍රමාණයට වඩා සීනි ප්‍රමාණය වැඩි කේක් වටිටෝරු ඇත. මෙහිදී පාවිච්චි කරන සීනි කැට ලොකු නම් එය අනිවාර්යෙන්ම බ්ලෙන්ඩර් කර ගත යුතුය.
3. බේකිං පවුඩර්, බේකිං සෝඩා, කොකෝවා කුඩු.
බේකිං පවුඩර්, පිටි, බේකිං සෝඩා, කොකෝවා පවුඩර් ආදිය පෙනේරයකින් හලා ගත යුතුය. අතින් කවළම් කිරීම නොකළ යුතුය. මෙසේ කරන්නේ එහි ඇති කැට සහ අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර ගැනීමටයි. මෙසේ කිරීමෙන් සියලුම ද්‍රව්‍ය සමාන ලෙස එකට කළවම් වීම සහ කේක් එකේ මෘදුබව රැකගැනීම පහසු වේ. කුමන වර්ගයේ වුවද බේකිං පවුඩර් සුළං නොවදින සේ ඇසුරුම් කළ යුතුය.
4. බටර්, බිත්තර සාමාන්‍ය කාමර උෂ්ණත්වයයෙන් කේක් එකට යොදා ගමු
ඔබේ කේක් වට්ටෝරුවේ බටර් සහ බිත්තර අඩංගුද? එසේ අඩංගු නම් කේක් එක සෑදීමට විනාඩි 15කට පමණ පෙර ශීතකරණයේ තබා ඇති බිත්තර හා බටර් පිටතට ගෙන සාමාන්‍ය කාමර උෂ්ණත්වයට එනතුරු තබන්න. මෙසේ තැබීමෙන් ඒවා මිශ්‍රකර ගැනීම පහසුයි. අනවශ්‍ය ලෙස ජලය එක්වීමක් සිදු වෙන්නෙත් නැහැ. අයිස් පිටින් මිශ්‍ර කිරීමේ දී එහි ජලයත් අඩංගු වෙනවා.
5. නියමිත උෂ්ණත්වයෙන් අවන් එක රත් කර ගනිමු
කේක් උදුන තුළට දැමීමට පෙර නියමිත උෂ්ණත්වයට උදුන රත්ව තිබීම වැදගත්. කේක් තැටිය ඔයිල් පේපර් යොදා සූදානම් කර තිබීමත්, කේක් මිශ්‍රණය තෙත සහිත නිසා පිටි එක්කළ වෙලාවේ සිට පිපුම්කාරකය ක්‍රියාශීලී වීම නිසාත් තැටියට දා ඒ විගස උදුන තුළ බේක් වීමට සැලැස්වීම ඉතා වැදගත්.
6. බටර්, සීනි බීට් කරන විට සීනි දිය නොවී ඇති විට
විශේෂයෙන් සාමාන්‍ය කේක් එකක් සාදා ගැනීමේදී (උදා -: බටර් කේක්) සමහර අවස්ථාවලදී බටර් හා සීනි බීට් කරන අවස්ථාවේදී බටර් දියවී යන අවස්ථාද දැකිය හැකිය. යොදා ගන්නා සීනි ප්‍රමාණය දිය නොවී තිබෙන්නට පුළුවන. පළමු අවස්ථාවේ බටර්ද දියවී ඇති විට මිශ්‍රණය ඉවත් නොකොට පිටි කළවම් කර, එයට අනිවාර්යෙන්ම කිරි ස්වල්පයක් කළවම් කළ යුතුය.
7. කේක් සාදන විට කිරි මිශ්‍ර කිරීම
කේක් සාදා ගැනීමේදී කිරි මිශ්‍රකර ගැනීමෙන් කේක් එක ඉතා මෘදු වේ. කේක් එක බීටි කර ගන්නා හැම අවස්ථාවේම එය කළවම් කළ යුතුය. භාජනයේ උඩ හා යට ඇති බටර් සියල්ලම මෙයින් ඉක්මනින් දියවේ.
8. කේක් මිශ්‍රණය බීට් කළ යුතු අයුරු
කේක් එක බීටි කර ගන්නා හැම අවස්ථාවේම එය කළවම් කළ යුතුය. භාජනයේ උඩ හා යට ඇති බටර් සියල්ලම, මෙයින් ඉක්මනින් දියවේ.
ඔබගේ වට්ටෝරුවේ බටර්, සීනි, බිත්තර අඩංගු වේ නම් ඒවා කළවම් කිරීමේ අනුපිළිවෙළ වැදගත් වේ. පළමුව බටර් හා සීනි එකට කළවම් කළ යුතුයි.
බිත්තර එකින් එක එයට එකතු කළ යුතු වේ. එසේ එකින් එක එක් කරන්නේ බටර් හා සීනි මිශ්‍රණය කැඩීයාම වළක්වා ගැනීමටයි. ඒ නිසා සැමවිටම බිත්තර එකින් එක එකතුකර ගැනීමට සැලකිලිමත් වෙන්න.
බිත්තර හා සීනි පළමුව කළවම් කළේ නම් එවැනි අවස්ථාවක දී බටර් උණුකර අවසානයේ දී එයට එකතු කරගත හැකියි.
සමහර වට්ටෝරුවලට අනුව බිත්තර වැඩි අවස්ථාවන්හිදී මිශ්‍රණය කැඩීයාමට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් එහිදී බිය විය යුතු නැත. අනෙකුත් වියළි ද්‍රව්‍ය එයට එකතු කරන විට එය සාමාන්‍ය තත්ත්වයට පැමිණේ.
9. බටර්, සීනි, බිත්තර බීට් කර ගත යුතු ආකාරය
බටර්, සීනි, බිත්තර පදම එන තුරු පමණක් බීට් කරන්න. අමුද්‍රව්‍ය එක් වූ විට සහ දියවී ක්‍රීම් පදම ආ පසුත් බීට් කළොත් බටර්වල තෙල් සහ ජලය පෑදෙන නිසා ඒ ගැනත් අවධානය යොමුවිය යුතුයි.
10. වියළි ද්‍රව්‍ය එකතු කිරීමේදී (පිටි, කොකෝවා කුඩු)
ඒවා හැන්දකින් හෝ spatula එකකින් කළවම් කරන්නේ නම් වඩා සුදුසුය. මික්සර් එකක් භාවිත කර කළවම් කරන්නේ නම් වැඩි වේලාවක් වැද්දීම නුසුදුසුය.
11. පිටි සහ කිරි මිශ්‍රණය එකතු කරන විට
පිටි කළවම් කිරීමේදී පිටි මේස හැඳි දෙක බැගින් එකතු කර ගන්න. කිරි මිශ්‍ර කිරිමේදී පිටි හා කිරි වරින් වර එකතු කරන්න. පිටිවලින් පටන් ගෙන පිටිවලින්ම අවසන් කරන්න. පිටි හා කිරි කළවම් කිරීමේදි බීට් කරන්න එපා. ෆෝල්ඩ් කරන්න. (ලී හෝ ප්ලාස්ටික් පත්තකින් මිශ්‍ර කරන්න.)
12. කේක් එක අයිසිං කිරීමට පෙර
කේක් අයිසිං කිරිමට පෙර ඉතා හොඳින් සිසිල් විය යුතුය. (පැය 1 -1 1/2)අතර කාලයක් අනිවාර්ය වේ.)
රස්නය තිබියදී කේක් එක අයිසිං කිරීමෙන් බටර් ක්‍රීම්, බටර් අයිසිං හෝ විප් ක්‍රීම් දිය වී යා හැකිය. තවද එය ඉතා ඉක්මනින් පුස් බැඳී ඇති අයුරු දක්නට හැකිය.
Tharunie