Wednesday, October 16, 2024
Follow Us
මයිසූර් පරිප්පු වඩේ

රසවත්ව මයිසූර් පරිප්පු වඩේ සාදා ගන්න

අවශ්ය ද්රව්
මයිසූර් පරිප්පු 300g
බී ළුණු ගෙඩියක්
අමු මිරිස් කරල් 2
කරපිංචා
කහ කුඩු , ලුණු කුඩු , කෑලි මිරිස් , මිරිස් කුඩු
පොල්තෙල්

සාදන ආකාරය

පරිප්පු ටික සෝදා බෝල් එකකට දමා වතුර එකතු කර විනාඩි 10 ක් පෙගෙන්න තියන්න.

 පෙගුන පරිප්පු වලින් පරිප්පු මේස හැඳි 3ක් පමණ පැත්තකින් තියාගෙන ඉතිරි පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න. ( පොඩි කෑලි ලෙස )

පෑන් එකක් ලිපතබා පොල්තෙල් ස්වල්පයක් එකතු කර පොඩිවට කපාගත් බී ළුණු , කරපිංචා , අමු මිරිස් එකතු කර බැඳ ගන්න.

පසුව කහ කුඩු තේ හැඳි 1/4 , ලුණු කුඩු තේ හැඳි 1 , කෑලි මිරිස් මේස හැඳි 2 , මිරිස් කුඩු තේ හැඳි 1 එකතු කර කලවම් කරන්න.

දැන් සාදාගත් මිශ්රණය බෝල් එකකට දමා එයට බ්ලෙන්ඩ් කරගත් පරිප්පු සහ කලින් ඉතිරි කල පරිප්පු මේස හැඳි 3 එකතු කර හොඳින් අතින් කලවම් කරන්න.

දැන් අත්ලට පොල්තෙල් ස්වල්පයක් ගාගෙන වඩ ටික සාදාගන්න.

තාච්චියක් ලිපතබා පොල්තෙල් දමා රත් වූ පසු වඩ ටික දෙපැත්ත හරවමින් රන්වන් පාට වනතුරු බැඳගන්න.