Wednesday, October 16, 2024
Follow Us
Singapore style chicken fried rice

ෆ්‍රයිඩ් රයිස්වල ඉතින් බේසික් එක දන්නවනෙ.බෙරි නොවෙන්න පිස ගත් ෆ්‍රිජ් එකේ දාපු බත් ටිකක් ගන්න. බත් පිසූ ගමන් උනුවෙන් නෙවේ.
හාල් අරන් තියෙන්නෙ රයිස් කුකර් ප්‍රමාණය කප් දෙකක්.


චිකන් එක ලුණු ,දෙහි එහෙම දාල පොඩ්ඩක් තම්බල අරන් තීරු ඉරා ගන්න. (චිකන් 200g)
මුලින්ම බිත්තර දෙකක් ලුණු දාල බීට් කරන්න. ලිපේ ගින්දර අඩුවට දාල භාජනයක් ලිපේ තියන්න තෙල් ටිකක් දාල.
තෙල් රත් වෙනකොට බිත්තර ටික ටික භාජනයට දමා හැන්දෙන් ස්ක්‍රැම්බල් කරන්න. බිත්තර ටික පෑන් එකෙන් ඉවත් කරන්න.
තව තෙල් ටිකක් දාල හොඳින් රත් කරල චිකන් ටික බදින්න.
චිකන් එක රන්වන පාට වනවිට චොප් කරගත් සුදුලූනු බික් දෙකක්, අමු මිරිස් කරල් දෙකක් සහ ලූනු ගස් තුනක සුදුපාට කොටස එකතු කරන්න. ගින්දර අඩු කරන්නෙපා. මේක සුවඳ වෙන්න බැදෙනකොට ඔයාගෙ එලවලු එකතු කරන්න .


මම දැම්මෙ කැරට් අලයක්, බෙල් පෙපර්ස් පාට තුනකින් බාගය බැගින්, බට්න් බිම්මල් පහක් සහ ලූනු ගස් තුනේ කොළ කොටස.මේ ඔක්කොම කොටු හැඩයට හෝ එකම හැඩයකට කපල ගන්න. ඒකට ලුණු සහ කරි පවුඩර් තේ හැන්දක් දාල හොඳට ගින්දරේ ටොස් කරන්න.


එළවළු ටික බාගෙට කුක් වෙනකොට බත් රික සහ ස්ක්‍රැම්බල් කරගත් බිත්තර ටික දාල ඉතින් ඊලඟට දන්නවනෙ උඩදාන්න තමයි තියෙන්නෙ බත් ඇට පුපුරනකන්. ගේපුරා සුවඳ ගිහින් මොකද්ද ඒ සුවඳ කියල සාලෙන් ඇහෙනකන් බැදගන්න.

ලුණු /අමුමිරිස් දෙක රස අනුව දාගන්න.

ග්‍රීන්පීස්, බෝන්චි වගේ එළවලුත් දාන්න පුලුවන් .